අපේක්ෂකයින්ගේ ආදායම් හා වියදම් වාර්තා භාරදීම අදින් අවසන්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වු අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ කාලය අද (27) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ වියදම් වාර්තා ලබානොදෙන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවය. මේ අතර ‍පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් නම් කිරීම ප්‍රමාද වීම හේතුවෙන්…

Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් වර්ජනයක් අරඹයි

‍සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදුකළ අසාධාරණය, උසස් වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. පරිපූරක  වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර…

Read More

අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ  පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව…

Read More

රුපියල් කෝටි 12ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 12ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් විදුලි උපකරණ තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එහි ව්‍යාපාරිකයින් සඳහා වන රක්ත මාවත ඔස්සේ පිටව යාමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) රාත්‍රියේදී ඔවුන් මෙරට පැමිණ ඇති අතර ඔවුන් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක සහ 18 හැවිරිදි…

Read More

බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියදුරා අත්අඩංගුවට

බීමතින් සිසුසැරිය බස් රථයක් ධාවනය කරමින් සිටි බස්රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) දහවල් කාලයේ දී කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේ සිසුසැරිය බස්රථයක් පරීක්ෂාවට ලක්කර ඇත. එහිදී අදාළ රියදුරා බීමතින් සිටින බවට අනාවරණය වී ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 52ක් වූ රදලියගොඩ,…

Read More

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්…

Read More

බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

සුරාබදු නිලධාරීන් විසින් බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගෙන් අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කර ඇති බව බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් උඩුගම මහතා සඳහන් කළේ, අල්ලස් ලබා නොදෙන බලපත්‍රධාරීන්ට හිරිහැර කිරීම සහ අසත්‍ය චෝදනා නැගීමට ද සුරාබදු නිලධාරීන් කටයුතු කරමින් සිටින බවය. මේ පිළිබඳ බලපත්‍රධාරී මත්පැන් හිමියන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම…

Read More

ආනයනික පළමු ලුණු තොගය බදාදා දිවයිනට

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. ලුණු ආනයන කටයුතු ප්‍රමාද වීමට ඉන්දියාව සහ පාකිස්තානය අතර හටගත් අර්බුදකාරී වාතාවරණය ද හේතූවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද පෙරවරුවේ පුත්තලම ලුණු සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය…

Read More

මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක්

පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේ දී සහ පොලීසිය සමග හටගත් ගැටුමක දී සිදුවන මරණ වළක්වා ගැනීම පිළිබඳ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ. 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය….

Read More

මීනගයා පීලි පනී

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ. හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතර දී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් බව ද වාර්තා වේ.

Read More