Headlines

    රාජාංගනයේ වාන් දොරටු 10ක් විවෘත කරයි

    අයහපත් කාලගුණය හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් විවෘත කර තිබේ. අප වාර්තාකරු පවසන්නේ අධික වැසි තත්ත්වය නිසා අනුරාධපුර දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් ඇතිවී තිබෙන බවය. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10 විවෘත කිරීමට තුළින් තප්පරයට ගණ අඩි 11,800ක ජල ධාරිතාවක් කලා ඔයට මුදාහැරෙන බවද වාර්තා වෙයි. මේ අතර අංගමුව ජලාශයේ වාන් දොරටු වසා තැබීමටද කටයුතු කර තිබේ. …

    Read More

    රට පුරා සිදුවූ ආපදාවලින් අහිමි වූ ජීවිත

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 132,110කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 41,590 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය අද (29) පෙ.ව. 6ට නිකුත්කළ යාවත්කාලීන කිරීම අනුව මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති අතර 20 දෙනෙකු තුවාල ලබා තිබේ. නිවාස 102ක් පූර්ණ හානියට ලක්වී ඇති අතර…

    Read More

    ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මගින් ඒ බව සඳහන් කරයි. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් පමණ ඊසාන…

    Read More

    හානියට පත් ගොවිබිම් ගැන රජයේ ස්ථාවරය

    රජය විසින් වන්දි ලබාදෙන භෝග 6ට අමතරව අනෙකුත් භෝග සඳහාද යම් වන්දියක් ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අයහපත් කාලගුණ තත්ත්වය නිසා හානියට පත් ගොවිබිම් වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එමෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබෙන්නේ කුඩා බිත්තර වී තොගයක් බවත්, ඒ හේතුවෙන් බිත්තර වී…

    Read More

    දීඝදන්තු 1 හස්තියා විදුලි සැර වැදී මරුට

    දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් තේජාන්විත හස්තියෙකු වූ ‘දීඝදන්තු 1’ අද (28) අලුයම දැයට අහිමි විය. කලාවැව ජාතික වනෝද්‍යානය සිය නිවහන කරගෙන සිටි මෙම හස්තියා කැකිරාව, ආඬියාගල හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් තිබුණි. උසින් අඩි 08ක් පමණ වූද, අඩි 05ක පමණ දිගකින් යුත් තේජාන්විත දළ යුගලයකට උරුමකම් කී මෙම හස්තියාගේ…

    Read More

    ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර සාකච්ඡාවක් 

    ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දැක්වූ අතර අධ්‍යාපන, සෞඛ්‍ය,…

    Read More

    A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

    අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ. පොලිස් කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඕමන්ත පොලිස් වසමේ නොච්චිමොටේ පාලම අසලින් හා ඕමන්ත නගරය ආසන්නයේ මාර්ගය ජලයෙන් සම්පූර්ණයෙන් යටවී තිබූ අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් ඇති බවය….

    Read More

    නීති විද්‍යාල ප්‍රවේශ විභාගය කල්දමයි

    රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගය (2024) කල්දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. අද (28) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඒ බව සඳහන් කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යේෂ්ඨ සංඛ්‍යාලේඛනඥ සහ සංඛ්‍යාලේඛනඥ නිලධාරීන් සඳහා වන…

    Read More

    උසස් පෙළ විභාගය නැවත ආරම්භවීම දෙසැම්බර් 4 වන දා

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා සිටියේ, ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් 4 වන බදාදා දින නැවත ආරම්භ කරන බවය. ඒ අනුව නොවැම්බර් 30, දෙසැම්බර් 2, සහ දෙසැම්බර් 3 වනදා යන දිනයන්හි දීද උසස් පෙළ…

    Read More

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවය. පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ…

    Read More