ColomboBuzz
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට එම වැසි තත්ත්වය අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද…
ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම උපදෙස් ලබා දුන්නේ, සංචාරක…
රැප් ගායක ශාන් පුතා රඳවාගෙන ප්‍රශ්න කරයි
පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ. ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි. එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්…
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මුල දිවයිනට
එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි බැහැදකී
ශ්‍රී ලංකාවේ නව ජපන් තානාපති ලෙස පත් වූ අකිකෝ ඉසොමාතා මහතා අද (15) ජපානයේ ලංකාජී විහාරස්ථානයට පැමිණ ඇත. එහි දී ලංකාජී විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස මාහිමිපාණන් මුණ ගැසුණු නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියා මාර්ග පිලිබඳව සාකච්ඡා කර තිබේ. පසුව පැවති දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව තානාපතිවරයාගේ රුව…
කංසා තෙල් පන්නන්න ගිය රේගු පරීක්ෂක අත්අඩංගුවට
රුපියල් කෝටි 3කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සාහ කළ රේගු පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකු වෙත එවා තිබූ අදාළ පාර්සලය රේගු පරීක්ෂකවරයා විසින් ඉවත් කරගැනීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. කෙසේවෙතත් කංසා තෙල් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම්200ක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,…
සා/පෙළ අපේක්ෂකයින්ට මතක්කිරීමක්
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට අද (15) දිනයේ දී එම ලිපි ලබාගත හැකිබව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත්කිරීම සඳහා පමනක් අද උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාර්යාලය විවෘතකර තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන්…
රට සිහින පෙන්වා මුදල් ගැරූ කාන්තාවක් අත්අඩංගුවට
පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා රුපියල් 1,340,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. නාරාහේන්පිට පොලිසියට වාර්තාවූ පැමිණිලි 03කට අදාළව නාරහේන්පිට පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර ඊයේ (14) සවස් කාලයේදී නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය වයස අවුරුදු 45ක් වන කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාරිය සම්බන්ධයෙන්…
පාර්ලිමේන්තුවේ හිස් වූ අසුන ගැන කථානායක සභාවට දැනුම්දෙයි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අද (15) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය. ඉදිරි පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බව ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසීය. සාලි නලීම් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන්…
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි
ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට (15) යෙදී තිබේ. පාරිභෝගික ආරක්ෂාව, සාධාරණ වෙළෙඳාම සහ තිරසාර පරිභෝජනය ප්‍රවර්ධනය යන කෙරෙහි මෙම දිනයේ දී වැඩි අවධානය යොමු කෙරෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය පිළිබඳව කරුණු පැහැදිලි කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා. “මෙවර…