ColomboBuzz
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,623ක්..
ගෙවුණු දිනය (19) තුළ කොවිඩ් අසාදිතයින් 3,623 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 32 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (19) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
විනාඩි 25 ක් තුළ ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් – ගාසා තීරයේ කොවිඩ් එන්නත් පර්යේෂණාගාරය සුන්වෙයි..
ඊශ්‍රායල හමුදා විසින් විනාඩි 25 ක කාලයක් තුළ හමාස් සංවිධානයේ උමං සබඳතා ජාලය ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට බෝම්බ ප්‍රහාර 122 ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2007දී හමාස් සංවිධානය ගාසා තීරයේ බලය අත්පත් කරගැනීමෙන් පසු මේ උමං මාර්ග නිර්මාණය කළේ, සටන්කාමීන්ට සැඟවීමට, ආයුද ජාවාරම් කිරීමට හා පැහැර ගැනීම් සිදු කිරීමට බව…
සීදුවේ ඉදිකළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට..
සීදූව ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේ ය. පෞද්ගලික ආයතනයක් විසින් යුද හමුදාව වෙත ලබාදුන් ගොඩනැඟිල්ලක ඉදිකෙරුණු මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වාට්ටු 03කින් සමන්විත අතර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1200කි. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකග්‍රතාව සුරැකෙන පහසුකම්…
12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල අද..
30 වසරක් පුරා මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කරමින් නිදහස් හා නිවහල් දේශයක් වෙනුවෙන් තම දිවි කැප කළ දේශප්‍රේමීන් අනුස්මරණය කරමින් 12 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු ස්මාරකය අබියස දී අද (19) පස්වරු 4.15 ට පැවැත්වේ. ඒ අනුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා ඇතුළු හමුදා…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – කොරෝනා මරණ 1000 සීමාව ඉක්මවයි..
ගෙවුණු දිනය (18) තුළ කොවිඩ් අසාදිතයින් 2,518 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම පිරිස අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විය. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්..
හෙට (19) පෙරවරු 8.30 සිට පැය 16ක් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, දොම්පේ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ කොටසට මෙලෙස ජල සැපයුම අත්හටුවන බවයි.
විශ්ව රූ රැජිණ (Miss Universe) ඇන්ඩ්‍රියා මේසා..
විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය මේ වසර දක්වා කල් දැමුණි. මෙවර විශ්ව රූ රැජිණ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේදීය. ඒ අනුව විශ්ව රූ රැජිණ තරගයේ කිරුළ මෙක්සිකෝ රූ රැජිණ වූ ඇන්ඩ්‍රියා මේසා ජයග්‍රහණය කළේය. ලොවපුරා රටවල් රැසක රූ රැජිණියන් 73 න්…
මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණයට අදට වසර 12..
තිස් වසරක පුරා මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට (18) වසර 12ක් සපිරෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට යහපත් හෙට දිනයක් උදා කරලීමේ උත්තරීතර කාර්යය වෙනුවෙන් දිවි පිදූ සහ තාරුණ්‍ය කැප කළ සියලුම විරෝධාර රණවිරුවන් හදවතින්ම අදවන් දිනක සිහිපත් කළ යුතුව තිබෙනවා,” – 12වන යුද සැමරුම පිළිබඳව අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා…
රජයේ වෙබ් අඩවි 4කට සයිබර් ප්‍රහාරයක් එල්ලවෙයි..
කිසියම් කණ්ඩායමක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක් එල්ලකර තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශය , විදුලිබල මණ්ඩලය, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ රජරට විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිවල දත්ත මෙලෙස විකෘති කර ඇති බවයි. මෙහි දී එම වෙබ් අඩවි 4…
ඉන්දියාවෙන් කොරෝනා මර්දනයට දියරයක්..
ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් විසින් කොරෝනා මර්දනය සඳහා දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මේ වන විටත් එම දියරය හදිසි භාවිතය සඳහා ඉන්දියානු සෞඛ්‍ය අංශවල අවසරය ලැබී ඇති බවයි. ඒ අනුව මෙම නව දියර ඖෂධ මාත්‍රා 10,000ක් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බව වාර්තා වේ. මෙම ඖෂධය…