ColomboBuzz
ජලාශ 05 ක වාන් දොරටු විවෘත කෙරේ – ගංගාවල ජල මට්ටම් අඛණ්ඩව ඉහළට..
රටතුළ පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 05 ක වාන් දොරටු විවෘත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ, උඩවලව සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු මෙලෙස විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේවන විට කළු, කැලණි, ගිං,…
කළු දීලිර රෝගය වැළඳුණු කොරෝනා ආසාදිතයින් ඉන්දියාවෙන්..
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ මොහොත වන විටත් කොරෝනා වසංගතයෙන් බැටකමින් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා රෝගීන් 50 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, mucormycosis, යනුවෙන් හඳුන්වන මෙම…
රාමසාන් දිනය අදයි..
ලොවපුරා සිටින ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියකින් හා සහෝදරත්වය පෙරදැරිව සමරන රාමසාන් දිනය අදට (14) යෙදී තිබේ. රාමසාන් මාසය පුරා උපවාසයේ නිරත වන ඉස්ලාම් බැතිමතුන් ෂව්වාල් මාසයට අදාළ නව සඳ දැකීමෙන් අනතුරුව රාමසාන් උත්සවය සමරනු ලබයි. එහි දී, රාමසාන් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට…
දිවයින පුරාමිලිමීටර් 200 ඉක්ම වූ වැසි – ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්..
බස්නාහිර , සබරගමුව ,දකුණ , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට අද රාත්‍රියේ මිලිමීටර් 200 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව ගිණිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ යාබද ලක්ෂදීපය ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන…
ඉදිරි දින තුනේ හැඳුනුම්පත් භාවිත කරමින් ගමන් යාමට අවසර නෑ – නියෝජ්‍ය පොලිස්පති..
ඉදිරි දින තුන තුළ එනම් අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේදී ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් හෝ ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එහි දී අත්‍යවශ්‍ය ම කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමිවන අතර, රෝහලක් වෙත…
කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට..
ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන “කොස්ගොඩ තාරක“ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකළ මෙහෙයුමක් අතරතුර පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී අද (13) අලුයම මීරිගම, රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් ඇති බවද එම අවස්ථාවේ දී ඇති වු සිදුවීමක…
රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්..
හෙට (13) රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා මුළු රටටම බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙම ගමන් තහනම එළඹෙන සදුදා දිනය එනම් මැයි 17 වැනිදා දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා කියා සිටියේ. එහි දී රාත්‍රි 11…
පසුගිය දිනය තුළ දී එංගලන්තයෙන් කොරෝනා මරණ සිදු වී නෑ..
පසුගිය දිනය තුළ එනම් 10 දා තුළ දී එංගලන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ ජූලි 30 සිට දෛනිකව එරටින් කොරෝනා මරණ වාර්තා වූ අතර පසුගිය දිනය තුළ එරටින් මරණ වාර්තා නොවීම කැපී පෙනෙන කරුණකි. මේ අතර පසුගිය සදුදා (10) දිනයේ දී ද එරටින් වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාදිත…
දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..
දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, කොළමුන්න ග්‍රාම නිලධාරී වසමමාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ, ඇලපිටිවල…
ශ්‍රී ලංකාවෙන් එන මගීන්ට කුවේටයෙන් ගමන් තහනමක්..
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4ක සිට පැමිණෙන ගුවන් මගීන්ට කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කොරෝනා වෛසරය පැතිරීම වැළැක්වීමේ පූර්ව පියවරක් ලෙස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ නේපාලයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට මෙලෙස කුවේට් රාජ්‍යයට ඇතුළු වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ. එරට රාජ්‍ය පුවත් ඒජන්සිය උපුටා…