ColomboBuzz
ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර වෙසක්..
සම්බුදු තෙමඟුල සමරමින් පවත්වන මෙවර වෙසක් උත්සවයේදී ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිමවන ලද වෙසක් සැරසිලි භාවිතා නොකර පරිසර හිතකාමීව කටයුතු කරන මෙන් පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, වාර්ෂිකව පොලිතීන් හා ප්ලාස්ටික් ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් කෝටි 5,800 ක් පමණ වන අතර වාර්ෂිකව මෙරටට ආනයනය කරන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණය…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින්..
ගෙවුණු දිනය (16) තුළ කොවිඩ් අසාදිතයින් 2,275 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 438 ක් ලෙස දැක්වේ. ඉන් ආසාදිතයින් 56 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ මිරිහාන ප්‍රදේශයෙනි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 410 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන්…
දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..
දිවයිනේ දිස්ත්‍රික්ක 10 ක ග්‍රාම නිළධාරී වසම් 70 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (17) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මේ අතර තවත් දිස්ත්‍රික්ක 07ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව ද ඉවත් කර තිබේ.
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියයයි..
ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර සිදුවන ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් 137 දෙනෙකු මියගොස් ඇති අතර ඊට ළමුන් 36 දෙනෙකු ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායලයේ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය සඳුදා සිට එල්ල කරන ලද ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 920 කට අධික බව වාර්තා වේ. පසුගිය සඳුදා සිට එල්ල කරන…
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරීමට අවසර ..
මෙරට සංචරණ සීමා පනවා ඇති කාල සීමාවල ජනතාවට අවශ්‍ය එළවළු, පළතුරු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරිමට අවසර දී ඇති බව වාර්තා වේ. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේය. ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන්…
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 11,796කට පීඩා – පුද්ගයින් 04 දෙනෙකු ජීවිත අහිමි වෙයි..
දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක පවුල් 11, 796 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පවුල් වල පුද්ගලයින් 46,730 දෙනෙකු පිඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවේ. මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. එහිදී…
සහන මල්ලේ අඩංගු බඩු ලැයිස්තුව..
දිවයිනේ හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට හා නිරෝධායනය සඳහා යොමු කළ පවුල්වලට රුපියල් 5,000ක වටිනාකමින් යුත් භණ්ඩ සහිත සහන මල්ල ලබා දෙන බව වෙළෙඳ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනක් නිකුත් කරමින් ප්‍රකාශ කරේය. ඒ අනුව මෙම සහන මල්ලට ද්‍රව්‍ය 20ක් ඇතුළත් බවත්, සතොස ආයතනය හරහා ලබා දෙන මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ…
ඉන්දියාවේ වන අලි 18ක් මරුට..
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙහි අකුණු සැර වැදීමෙන් වන අලි 18 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රාන්තයේ නාගෝන්හි ( Nagaon) රක්ෂිත වනාන්තරයක මෙම අලි 18 දෙනා හට අකුණු සැර වැදීම සිදුව තිබේ. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකින් අනතුරුව කළ සෝදිසි මෙහෙයුමකදී මිය ගිය වන අලින්ගේ මළ සිරුර හමුවූ බව එම ප්‍රාන්තයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සඳහන්…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින්..
ගෙවුණු දිනය (14) තුළ කොවිඩ් අසාදිතයින් 2,289 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව 2000 සීමාව ඉක්මවා ගිය හයවන දිනය ලෙස සටහන් වේ. මේ අතර ඊයේ (14) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 555…
ගංවතුරෙන් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක්..
මේ දිනවල මෙරට පවතින අයහපත් කලගුණ තත්වය හමුවේ ගංවතුරින් ආපදාවට පත්ව සිටින පිරිස් වෙත සහන සැළසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථානගත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ගංවතුර අවධානමක් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදා සහන කණ්ඩායම් 13ක් ස්ථාන ගතකරමින් එම ප්‍රදේශවල…