Headlines

    රූපරැජින ලෙස කිරුළු පැළඳ මිනිත්තු කිහිපයකින් කිරුල අහිමි වී ගිය රුවැත්තී..

    ශ්‍රී ලංකා විවාහක රූරැජින තරඟාවලිය ඊයේ (04) පැවති අතර එහි විවාහක රූරැජින ලෙස කිරුළු පැළද මිනිත්තු කිහිපයකින් එම කිරුළ අහිමි වීම පිළිබඳ ලංකාවේ බොහෝ දෙනෙකු කතා වේ. ඇය නමින් පුෂ්පිකා සඳමාලි ද සිල්වා වේ. ඇගේ උපන් ගම පොළොන්නරුව වන අතර ඇය 2011 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස ද කිරුළු පැලඳ ඇත. එහි දී ඇගේ උපන්…

    Read More

    දිස්ත්‍රික්ක 10කට අද වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක්..

     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරේ, දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස වැඩි උණුසුම් කාලගුණයක් පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරේ, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා,…

    Read More

    ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 141 යි මරණ 02 යි..

    අද දින (05) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 141 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 19 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 122 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (04) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…

    Read More

    මෙරට සිටින චීන ජාතිකයින්ට එන්නත් දීම අද සිට..

    චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් (Sinopharm) කොරෝනා මර්දන එන්නත ලබාදීම අද (05) දිනයේ සිට සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. ඒ යටතේ ප්‍රථමයෙන් මෙරට සේවය සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට සඳහා එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේය. ඒ අනුව අද දිනයේ දී කොළඹ වරාය නගරය, හම්බන්තොට, මහනුවර හා පුත්තලම ප්‍රදේශවලදී මෙම කොරෝනා…

    Read More

    ජාතික අලුත් සහල් මංගල්‍යය..

    ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ඊයේ (04) පෙරවරුවේ දී පැවැත්වුණි. ඒ, 54 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යයයි. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වූ පීඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට ජනාධිපතිතුමා අතින් අලුත් සහල් පිරවීම සිදු කළේ, සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේය. තව ද ආදිවාසී ජනතාව සාම්ප්‍රදායිකව පූජාකරන…

    Read More

    පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් ප්‍රති අපනයනයට උපදෙස්..

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා මෙරටට ගෙන්වන ලද කන්ටේනර් පරික්ෂා කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් කන්ටේනර් 95ක් ප්‍රති අපනයනයට උපදෙස් දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එහි දී අදාළ කාලසීමාව තුළ කන්ටේනර් 1000ක් පමණ මෙරටට ආනයනය කර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒවා මෙරටට ගෙන්වා ඇත්තේ මලයාසියාව, පිලිපීනය, ඉන්දුනිසියාව ඇතුළු රටවලිනි….

    Read More

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුමට බාධා..

    කඩුගන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට දින 03ක සිට ජල සැපයුම ඇනහිට ඇත. මීවතුර සිට මරදන්ගොඩ දක්වා ජලය පොම්ප කරන පොම්පයේ පිපිරීමක් හේතුවෙන් එම ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව එම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, අදාළ පොම්පයේ පිළිසකර කිරීම් මේ වනවිටත් ක්‍රියාත්මක අතර…

    Read More

    බංග්ලාදේශය සතියකට Lockdown කෙරේ..

    බංගලාදේශයේ කොරෝනා ආසාදිතයින් හා කොරෝනා මරණ වාර්තා වීම ඉහළ යාමත් සමඟ බංග්ලාදේශ රජය සතියක කාලයක් සඳහා රට වසා තැබීමට(Lockdown) තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එරට රජය නිකුත් කළ දත්තවලට අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව පැය 24 ක් තුළ මරණ 50 කින් ඉහළ ගොස් ඇත. මේ වනවිට බංගලාදේශයේ කොරෝනා මරණ ගණන 9,155 ක් දක්වා ඉහළ…

    Read More

    උතුම් පාස්කු මංගල්‍යය අද – පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් දෙන්නේ නෑ, ජනපති කියයි..

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු ඉරිදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද(04) මහත් භක්තියෙන් සමරනු ලබයි. කිතුණු ජනතාව අද (04) පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා සහභාගී වීම සිදු වූයේ මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමිනි. ඒ අනුව දින 40ක චතාරික (උපවාස) සමය ගෙවන කිතුණු…

    Read More

    අළුත් අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ කෙසේද?..

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක්  නිකුත් කර තිබේ. එමඟින් අළුත් අවුරුද්දේ සිදුකළ හැකි චාරිත්‍ර වාරිත්‍ර, හැකිතාක් දුරට අවම කළයුතු ක්‍රියාකාරකම්, එක් එක් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී සැලකිලිමත්විය යුතු කරුණු, අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි, ගමන් බිමන් යෑමේදී අනුගමනය…

    Read More