ColomboBuzz
මරා දැමුණු තරුණියගේ අනන්‍යතාවය හෙළිවේ – සැකකාර පොලිස් නිලධාරියා සියදිවි නසා ගනී.
පෙරේදා (01) දින පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ. තවමත් මළ සිරුරේ හිස කොටස සොයාගෙන නොමැති අතර එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. කෙසේ…
මුතුරාජවෙළ තෙත් බිම සම්බන්ධව විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක්..
කොළඹට ආසන්නව පවතින තෙත් බිම් කිහිපයෙක් මුතුරාජවෙල තෙත් බිම ඉතාම සුවිශේෂී තෙත් බිමකි. අද (03) දින ඒ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ. “ප්‍රවෘත්ති නිවේදනයයි.. අප රටේ වැදගත්ම පරිසර පද්ධතියක් වන මුතුරාජවෙළ තෙත් අභයභූමිය සම්බන්ධව පරිසර අමාත්‍යංශය ආරම්භයේ පටන්ම කටයුතු කරනු ලැබුවේ මෙම වටිනා පරිසර පද්ධතිය රැක ගැනීමේ යහ චේතනාව පෙරදැරිවය. මුතුරාජවෙළ…
ශ්‍රී ලංකාවේ පළමු දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ඇරඹේ..
ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යාලය ඊයේ (01) විවෘත කෙරිණි. ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආරම්භකළ මෙම විශ්ව විද්‍යාලය මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට එක් වු 16 වෙනි විශ්ව විද්‍යාලයයි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය 1929 දී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත්…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-02) – ඊයේ ආසාදිතයින් 310 යි මරණ 05 යි
අද දින (02) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 07 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 303 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (01) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දීය අදානි, ජෝන් කීල්ස් හා වරාය අධිකාරිය එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය..
ඉන්දියාවේ අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35 කාලයක් ගිවිසුම් ගතව සංවර්ධනය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මෙහි දී ජපන් රජය මගින් ආයෝජකයෙකු නම් කරන ලෙස මෙරට රජය ඉල්ලීමක් කළ තිබුණද තවම ඒ සඳහා ප්‍රතිචාරයක් ජපන් රජය…
කොවිඩ් ආසාදිත මළ සිරුරු ඉරණතිව් දූපතට..
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බවයි. ඒ අද (02) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. ඒ අනුව මරණ සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන ලබන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ (01) පැවති සාකච්ඡාවේ දී එම…
චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව..
මේ දින වල කතා බහට ලක් වන ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි සුපිරි දඟපන්දු යවන්නෙකු හා පුහුණුකරුවෙකු වූ චමින්ද වාස්ගේ ඉල්ලා අස්වීම පිළිබඳවයි. “සෑම මිනිසෙකුටම වටිනාකමක් ඇති අතර සමහර විට එම වටිනාකමට මුදල් වටිනාකමක් ඇත.මම මේ කතාව පුළුල් කිරීමට පෙර, මම ඔබට කුඩා උදාහරණයක් දෙන්නම්. මම ගණිත ගුරුවරයෙක් යැයි සිතමු, මම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අතර…
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි කප්පාදුවක්…
පවතින වියළි කාලගුණය නිසා ජලබලාගාර ආශ්‍රිත විදුලි නිශ්පානය පහත වැටී ඇති හෙයින් ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදු කිරීමට අදහස් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ, වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී විදුලිය සැපයීමට අපහසු තත්වයකට…
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද සිට…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2020) විභාගය අද (01) සිට ආරම්භ වේ. මේ මස 01වන දින සිට මාර්තු 10 වන දින දක්වා විභාගය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය සඳහා සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහිතව පැමිණිය…
මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-March-01) – ඊයේ ආසාදිතයින් 352 යි මරණ 07 යි
අද දින (01) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 352 දෙනෙකු හදුනාගෙන ඇති අතර න් පුද්ගලයින් 02 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 350 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (28) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…