ColomboBuzz
“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය කටුනායකට
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ්” එන්නත් තොගය අද (28) පෙ.ව 11.35 ට පමණ ඉන්දීය ගුවන් සේවයේ A I – 281 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ළඟා විය. එම තොගයේ එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අඩංගු වේ. එම එන්නත් පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි අතර තොගයේ බර කිලෝග්‍රෑම් 1323…
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ පින්බර දුරුතු පෝය අදයි.
ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමත්, සුමන සමන් දෙවිදුන් සෝවාන් වීම සහ තුන් බෑ ජටිලන් බණ අසා පැවිදි වීම, දුරුතු පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කමයි. බුද්ධත්වයෙන් මාස නවයකට පසු අද වැනි දිනයක ගෞතම බුදුරජාණන් වහන්සේ යක්ෂ හා නාග ගෝත්‍ර අතර ගැටුමක් නිරාකරණය කිරීම සඳහා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට පා තැබුවේය….
දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම ගැන කණගාටුයි – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්
දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 6 ක පරාජයක් ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පැවසුවේ දින තුනක කාලයක් සිදු කළ සටන පැය දෙකහමාරකදී අතහැරීම පිළිබඳව දැඩි දුකක් ඇති බවයි. දෙවන ටෙස්ට් තරගය ජයග්‍රාහී ස්ථානයකින් ඉවතට යාමට ඉඩ හැර ඇති බවත් ඔවුන් වඩාත් නිවැරදිය ලෙස ඉගෙනීමට අවශ්‍ය බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරේය. “එය…
දවසේ කොරෝනා වාර්තාව (2021-jan-27) – ඊයේ ආසාදිතයින් 775 යි මරණ 01 යි
අද දින (27) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 775 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඉන් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන අතර සෙසු 748 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (26) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා…
ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට මෙරටට
ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හි කෝවිෂීල්ඩ් එන්නත හදිසි භාවිතය සඳහා ශ්‍රී ලංකාව සිකුරාදා (22) අනුමත කළේය. ඒ අනුව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත හෙට(28) මෙරටට රැගෙන ඒමට නියමිතය. ඉන්දියාව විසින් එන්නත් 500,000 ක් ශ්‍රී ලංකාවට යවන බව හා ඒවා හෙට(28) වනදා පැමිණෙන බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්…
පෑලියගොඩ සිට රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරුව තෙක් නව අධිවේගී මාර්ගයක්
නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන නව අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමතකර තිබේ. ඒ සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇති අතර ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ පදනම (BOT) මත…
පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ තොරතුරු රුස් කිරීමට නව මෘදුකාංගයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කරමින් දිවයින පුරා විසිරී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන්ගේ දත්ත හා තොරතුරු ඒකරාශී කරලීම උදෙසා විශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංගයක් හදුන්වා දීම ඊයේ (25) දින දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මේ වන විට…
දවසේ කොරෝනා වාර්තාව (2021-jan-26) – ඊයේ ආසාදිතයින් 737 යි මරණ 04 යි
අද දින (26) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 737 දෙනෙකු හදුනාගෙන ඇති බවත් එම සියළු පුද්ගලයින් දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 227 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 96…
ඉන්දීය ධීවරයින් නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක්
මෙරට මුහුදු සීමාවට නීති විරෝධීව ඉන්දීය ධීවරයින් ඇතුළුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් පත්කර තිබේ. අදාළ කමිටුව ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත අතර ධීවර සංගම් නියෝජිතයින් ද ඊට ඇතුළත් වී ඇතිබව ධිවර අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින්…
ඇඹුල්දෙණියගෙන් විශිෂ්ට පන්දුයැවීමක් – එංගලන්ත කණ්ඩාමේ පළමු ඉනිම ලකුණු 344කට සීමාවෙයි
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හතරවැනි දිනටත් අද (25) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ඊයේ (24) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය. ඒ මෙම තරඟයේ දී ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමිනි. මෙය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5 සීමාව පසු කළ තුන්වැනි අවස්ථාවයි….