ColomboBuzz
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – මාස 03ක බිළිඳියක් කොරෝනා වෛරසයට බිලිවෙයි..
ගෙවුණු දිනය (10) තුළ කොවිඩ් අසාදිතයින් 2,624 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගිය දෙවන දිනය ලෙස සටහන් වේ. ඊයේ (10) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 51 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති…
සියලු අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් සේවා අත්හිටුවයි..
සියලු ම අන්තර් පළාත් පෞද්ගලික බස් සේවා අද(11) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ. පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමග මෙම පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය. මේ අතර සියලු ම අන්තර් පළාත් ලංගම බස්…
අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා..
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරනය ගෙන ඇති බවත් ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය. මේ අතර කොවිඩ් ව්‍යාප්ත…
මැලේසියාව LOCKDOWN…
Covid -19 වසංගත තත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රට සම්පූර්ණයෙන් ම වසා දැමීමට (Lockdown) කිරීමට මැලේසියා බලධාරීන් තීරණය කර ඇත. ඒ අනුව රැස්වීම්, ප්‍රාන්ත අතර සහ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන බව ද අධ්‍යාපනික ආයතන සියල්ල ද වසා දැමීටම ද නියෝග කර ඇති බව ද මැලේසියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් ආර්ථික…
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි..
දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර , ඌව නැගෙනහිර පළාත්වලත් ගාල්ල , මාතර ,පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව එම පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි පවතින…
මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාවට ඉක්මවයි – ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,672 හදුනා ගැනේ..
මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (09) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ගෙවුණු (09) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 2,672 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරට දෛනික කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2000 සීමාව පළමු වරට ඉක්මවා…
ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 09ක් ජූලි මාසයේදී..
ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ 09ක් එළඹෙන ජූලි මාසයේදී දිවයිනට ලැබෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය. ඒ අනුව ඒ සඳහා වන සාකච්ඡා සාර්ථක වූ බවත් එන්නත් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනයට ලෝක බැංකුව එකඟ වී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මේ අතර කොළඹ…
දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..
දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ, අංගම්මන ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බල ප්‍රදේශයේ, ඇටිකෙහෙල්ගල්ල බටහිර කටාන පොලිස් බල ප්‍රදේශයේ, KC සිල්වා ග්‍රාම…
අද දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..
දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සබරගමුව මධ්‍යම බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද…
දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි..
දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන ඊයේ (08) දිනයේ දී වාර්තා විය. ඒ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු හා කාන්තාවන් 06 දෙනෙක් සමඟ කොරෝනා මරණ 22 ක් ඊයේ (08) වාර්තා වීමත් සමඟය. එලෙස මියගොස් ඇත්තේ, රාගම, කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල , අගලවත්ත…