ColomboBuzz
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – මෙරට කොවිඩ් අසාදිතව සුවය ලැබූ පිරිස ලක්ෂය ඉක්මවා යයි..
මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (05) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව මෙරටින් ඊයේ (05) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1939 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඊයේ (05) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට…
දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම්..
මෙරට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ඉදිරියේදී 60 ත් 65 ත් දක්වා වැඩි කිරීමට අවධානය යොමු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මේ වනවිට දෛනිකව ධාවනය වන දුම්රිය ගමන්වාර සංඛ්‍යාව 48 ක් වන අතර ලබන සඳුදා සිට දුම්රිය 03 ක් ධාවනයට එක් කිරිමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන්…
මෙරට රෝහල් ධාරිතාව උපරිම මට්ටමට..
මෙම අවස්ථාව වනවිට මෙරට රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟා වෙමින් ඇතැයි, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එම මහත්මිය සඳහන් කලේ, සමාජයේ දැනට හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවය. එහිදී යම් කිසි අයෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව තම වාර්තා පැමිණෙන තුරු නිවසින් එළියට නොගොස්…
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි..
කොවිඩ් – 19 සංගත තත්ත්වය හේතුවෙන්, පසුගිය 26 වැනිදා සිට වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (05) යළි විවෘත කෙරුණි. ඒ අනුව අලුයම 5.00 සිට පස්වරු 5.00 දක්වා අද(05) සිට එය විවෘතව තැබෙන බව, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේය. මේ අතර ආර්ථික මධ්‍යස්ථානය වෙත අද (05) සහ හෙට (06)…
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි..
අද (5) සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ දකුණු පළාත්වල හා මඩකලපුව,අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට ඉක්මවූ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
දිස්ත්‍රික්ක 4 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් Lockdown..
දිවයිනේ දිස්ත්‍රික්ක 04 ක ග්‍රාම නිළධාරී වසම් 12 ක් අද (05) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බල…
කොළඹ, ගම්පහ දෛනික කොරෝනා ආසදිතයින් 500 ඉක්මවයි..
මෙරටින් ඊයේ (04) දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1914 හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ඊයේ (04) දිනයේත් දිස්ත්‍රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය වන්නේ, මොනරාගල දිස්ත්‍රික්කයයි. ඊයේ (04) දිනයේ හමු වූ අසාදිතයන් අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකු…
රණවිරු සැමරුම් මාසය ඇරඹේ..
මෙරට දශක 3 කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් ජාතික රණවිරු මාසය සමරනු ලැබේ. ජාතික රණවිරු සැමරුම් මාසය ඊයේ (04) සිට ආරම්භ වූ අතර ජාතික රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්…
උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ – සා /පෙළ හා උසස් පෙළ විභාග පවත්වන මාස වෙනස් වෙයි..
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි. ඒ අනුව විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය. කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී…
දිස්ත්‍රික්ක 5 ක ග්‍රාම නිළධාරී වසම් 9 ක් Lockdown..
දිවයිනේ දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිළධාරී වසම් 9 ක් අද (04) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව , නුවරඑළිය දිස්ත්‍රික්කය නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ, ඉන්ජස්ට්රි ග්‍රාම නිලධාරී වසම හැටන් පොලිස් බල ප්‍රදේශයේ, ෆෝර්ඩයස් වත්ත කළුතර දිස්ත්‍රික්කය දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ, බෝඹුවල ග්‍රාම නිලධාරී වසම්…