ColomboBuzz
මෙරට වැඩිම දෛනික ආසාදිතයින් අද වාර්තා වේ – කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට..
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මීට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනුණේ පසුගිය පෙබරවාරි මස 09 වනදා ය. ඊයේ (26) දිනයේ හඳුනා ගැනුණු ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 944 දෙනෙකු සහ…
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් පවතී..
මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය. වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේ, ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන අතර කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ. තරුණ ප්‍රජාවට වැඩි…
93 වැනි Oscar සම්මාන උළෙල..
මෙවර Oscar සම්මාන උළෙල 93 වැනි වරටත් ඊයේ (25) රාත්‍රියේදී පැවැත්වුණි. එහිදී පළමු සම්මානය හිමිවූයේ ෆ්ලොරියන් සෙලර්ගේ The Father චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිර රචනය සඳහා ය. Nomadland චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Chloé Zhao දිනාගත්තා ය. ඒ මෙම සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට පත් වෙමිනි. හොඳම සහය නළුවාට හිමි සම්මානය Daniel…
කලින් සැලසුම් කළ මංගල උත්සව සඳහා අවස්ථාව..
රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව පසුගිය (25) සිට තහනම් කෙරුණ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කෙසේ නමුත් පැතිර…
පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අද (26) දිනට යෙදී ඇත. බුදුරජණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවන්නේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයකය. ඒ චූලෝදර සහ මහෝදර යන නා රජ දෙදෙනා අතර ඇති වූ ගැටුම සමතයකට පත්කිරීම සඳහාය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කරනු ලැබුවේ අද වැනි පුන් පොහොය දිනක…
බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා..
ඉන්දීය බොලිවුඩ් ජනප්‍රිය සිනමා ශිල්පීන් 22 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ප්‍රවීණ රංගන ශිල්පී අමීර් ඛාන්, අර්ජුන් රම්පාල්, රන්බීන් කපූර්, ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, අක්ෂේ කුමාර්, මනෝජ් බජ්පායි, රවීනා තණ්ඩන් සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද, මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වේ. ඉන්දීය…
කොළඹ ආසාදිතයින් ඉහළට – සියලු රාජ්‍ය හා පෞද්ගලික උත්සව නවතී..
අද (25) දින සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒ අනුව ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත….
එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම – ජනපති අවධාරණය කරයි..
මෙරට පවතින කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. නිවේදනයේ වැඩිදුරටත්…
ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක ඉක්ම වූ තද වැසි..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (24) දින මිලිමීටර් 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ඒ අනුව ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකඳුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම අගය මිලිමීටර් 104 කි. තව ද ඊයේ (23) ගාල්ල…
ඔක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට..
ක්සිජන් එක්ස්ප්‍රස් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කළේය. ඒ අනුව මහාරාෂ්ටයේ නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බව ඉන්දීය වාර්තා අනාවරණ කළ අතර එම එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 ක් බව සඳහන් වේ. ඊයේ (23) දිනයේ දී ඉන්දියාවේ…