Headlines

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට..

    මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සෙසු පළාත් වලට සාපේක්ශව වැඩි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. ඒ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය. මේ අනුව කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ…

    Read More

    ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් අර්බුදයක..

    ඉන්දියාවේ නවදිල්ලි නුවර ප්‍රධානපෙළේ රෝහල් 6ක් ඔක්සිජන් නොමැතිකමින් අර්බුදයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී ඔක්සිජන් නොමැතිකමින් නවදිල්ලි නුවර රෝහල්වල කොවිඩ් රෝගීන් මියයන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. දැඩි සත්කාර ඒකක ද මේ වනවිට පිරී ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට අනෙකුත් රෝහල්වල ද පවතින ඔක්සිජන්…

    Read More

    මියන්මාරයේ දී අත් අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයින් හෙට දිවයිනට..

    පසුගිය දා මියන්මාරයේ දී අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා හෙට (24) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව හෙට (24) දින මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරුව දක්වා සිංගප්පූරුවට අයත් Q761 යානයෙන් මෙම ධිවරයන් පිරිස රැගෙන එන අතර සිංගප්පූරුවේ සිට Q 468 දරන සිංගප්පූරුවට අයත් ගුවන් යානයෙන්…

    Read More

    රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ- යුද හමුදාපති..

    පවතින කොවිඩ්-19 තත්ත්වය හමුවේ එළඹෙන සති අන්තයේ රට සම්පූර්ණයෙන් වසා දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බව  යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය පිළිබඳව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා, සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, එළඹෙන…

    Read More

    වාරියපොළ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හා කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය LOCKDOWN කෙරේ..

    අද (23) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ නිරාවිය ග්‍රාමසේවා වසම සහ වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ නිකදළුපොත ග්‍රාමසේවා වසම් දෙක හුදකළා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. තව ද ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා…

    Read More

    යුරේනියම් රසායනික ද්‍රව්‍ය සමඟ නෞකාවක් හදිසියේ ම හම්බන්තොට වරායට..

    නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරන අතරවාරයේ ඇතිවු බව කියන යාන්ත්‍රික දෝශයක් නිසා ඊයේ (20) රාත්‍රියේ හම්බන්තොට වරායට නෞකාවක් පැමිණ ඇති අතර මෙම නෞකාවේ විකිරණශිලි ද්‍රව්‍ය වන යුරේනියම් රසායනිික ද්‍රව්‍ය පැවති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව එවැනි උපද්‍රවකාරි රසායනික ද්‍රව්‍ය…

    Read More

    මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනා ගනී – ඊයේ ආසාදිතයින් 367 යි මරණ 05 යි..

    අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 367 දෙනෙකු හදුනාගෙන ඇති අතර ආසාදිතයින් සියළු දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 94 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54…

    Read More

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර දෙකයි..

    2019 වසරේ අප්‍රේල් මස 21 වැනි පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරේ. එදින උදෑසන සිට සිදු වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 03ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 03ක් ඉලක්ක කරගනිමින් සිදුවිය. එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත්…

    Read More

    මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසටහනක් නොපැවැත්වීමට තීරණය කෙරේ..

    මැයි දිනය වෙනුවෙන් පවත්වනු ලබන සියලු මැයි දින පෙළපාලි හා රැළි මෙවර නොපැත්වීමට තීරණය කර ඇති බව හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද (20) දින පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව ඒ මහතා සඳහන් කළේය. එහිදී මැයි දින පෙළපාලි හා රැළි නොපැවැත්වීමට…

    Read More

    අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ආදායම මිලියන 300 ඉක්මවයි..

    ඉකුත් (09) සිට ගත වූ දින 11 ක කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව 1,236,288 කට අධික බව වාර්තා වේ. ඉන් වැඩිම වාහන සංඛ්‍යාවක් පසුගිය…

    Read More