ColomboBuzz
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අද දෙවැනි දිනටත් ඇරඹේ..
අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දෙවැනි දිනටත් කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සම් සලකා බැලීම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වී තිබේ. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසුරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මෘර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සළකා බැලේ. එහි දී…
කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මැයි පළමුවනදා සිට ඇරඹේ..
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවන අදියර ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඒ අනුව පළමුවෙන්ම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට එම එන්නත් වල දෙවන මාත්‍රාව ලබාදෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය….
නවදිල්ලිය LOCKDOWN..
මේ වන විට ඉන්දියාවේ covid -19 වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දින 6ක කාලයක් සඳහා වසා දැමීමට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද (19) රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි නගරය මෙලෙස වසා දමන බවයි. මේ වන විට නවදිල්ලි අගනුවර වසංගත ව්‍යාප්තියේ අවදානම් තැනකට පත්වීම හමුවේ නගරයේ…
අප්‍රේල් 21 වනදා කිතුනු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක්..
2019 වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරයට වසර 2ක් ගතවන, එළඹෙන 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස…
දෙවැනි පාසල් වාරය අද සිට ඇරඹෙයි..
දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා අද (19) විවෘත කෙරුණි. ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපදිමින් සහ පසුගිය මාර්තු මාසයේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උපදෙස් ද සැලකිල්ලට ගෙනය. එහි දී අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව…
කොරෝනා මරණ මිලියන 3 ඉක්මවයි..
ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ මිලියන 3 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2019 දී චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා ව්‍යසනය මේ වනවිට මිලියන 140 කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. WHO ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් (Dr Tedros Adhanom Ghebreyesus ) අනතුරු අඟවන්නේ කොරෝනා ආසාදිතයින් හා මරණ…
පිලිප් කුමරු නික්ම යයි..
එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජකීය ගෞරව සහිතව වින්සර් මාලිග ශාන්ත ජොර්ජ් දේවස්ථාන ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඊයේ (17) සිදු විය. දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන, රාජ පවුලේ සාමාජිකයින් විසින් “ජාතියේ සීයා” ලෙස හඳුන්වන එඩින්බරෝ ආදිපාදවරයා මියයන විට 99 වැනි වියේ පසු වුණි. දෙවන එලිසබෙත් මහ රැජිණ , චාල්ස් කුමරු, කැමිලා පාකර් ආදිපාදවරිය,…
ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් – ඊයේ ආසාදිතයින් 253 යි මරණ 02 යි..
අද දින (18) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 49 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 204 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (17) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන…
හෙටින් ඇරඹෙන දෙවන පාසල් වාරය..
දිවයිනේ සියළු රජයේ සහ පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා හෙට (19) විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ, කොරෝනා වෛසරයත් සමග වසා දැමුණු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු ද හෙට ආරම්භ කිරීමට නියමිත බවයි. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සදහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරන බව…
කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන් වෙයි – රාවුල් කැස්ත්‍රෝ කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි..
කියුබානු කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව පක්ෂ සම්මේලනය අමතමින් රාවුල් කැස්ත්‍රෝ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව 89 වන වියේහි පසුවන රාවුල් කැස්ත්‍රෝ පක්ෂයේ කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේ, එම නායකත්වය තරුණ පරම්පරාවට භාරදිමට තමා සූදානම් බවයි. කියුබානු විපලවයෙන් (1959) අනතුරුව අඩ දශකයකට ආසනන් කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ…